ඉරාකයේ මගී පාරුවක් ගිලී 94 ක් මියයති



ඉරාකයේ මොසූල් නුවර ටයිග්‍රීස් ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී පාරුවක් ගිලී යෑමෙන් 94 දෙනෙක් මියගියහ.

මියගිය 94 දෙනාගෙන් 80 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව පැවැසෙයි. මගී පාරුව ගිලී ගොස් ඇත්තේ එහි පමණ ඉක්මවා මගීන් පිරිසක් සිටි නිසා යැයි පැවැසෙයි.

පාරුවේ සිටි ගණන 200 කට වැඩිය. පාරුව ගිලී යද්දී 55 දෙනකු දිවි ගලවා ගත් බව ද ඉරාක පුවත් සේවා වාර්තා කරයි.

මොසූල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS