ඉරාකයේ බෝම්බයක් පිපිරී 10 ක් මරුට



ඉරාකයේ අන්බාර් පළාතේ අල් ක්වාම් ආරක්ෂක මුරපොළට එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 14 කි.

බෝම්බකරු බෝම්බය පුපුරුවා ගත් බව පැවැසෙන්නේ ඔහු සෝදිසි කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයන් උත්සාහ ගත් අවස්ථාවේදී යැයි ද පැවැසෙයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාර ගෙන නැති බව ද ඉරාක ආරක්ෂක අංශ කියයි.

එය පරාජය හමුවේ වියරු වැටී සිටින අයි.එස්. හෙවත් දයේෂ් ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයක් යැයි ආරක්ෂක අංශ සැක කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS