ඉරාකයේ බෝම්බ පිපිරී 45 ක් මරුට



මධ්‍යම ඉරාකයේ වාණිජ දිස්ත්‍රික්ක කිපයක සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් සිවිල් වැසියෝ 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 35 කි.

ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරාකයේ ෂියා ජන කොටස් ඉලක්ක කරගෙන යැයි ආරක්ෂක අංශ කියයි. ප්‍රහාර එල්ල වූ දිස්ත්‍රික්ක බාබිල් සහ කර්බාලා පළාත්වලට අයත් යැයි ද වාර්තා වේ.

බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවුණු බවත් එක් ප්‍රහාරකට පැමිණ ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකාරියක බවත් ඉරාක ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.

එය දයේෂ් හෙවත් ඉස්ලාමික් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයක් යැයි පසුව වාර්තා විය.

(ප්‍රෙස් ටීවි)


RECOMMEND POSTS