ඉරාකයේ බෝම්බ දෙකක් පිපිරේ



ඉරාකයේ මොසූල් නුවර මරාගෙන මැරෙන බෝම්බ දෙකක් පිපිරීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලැබූ ගණන 9 කි.

මියගිය තිදෙනාගෙන් කෙනෙක් පොලිස් නිලධාරියකු බව ද වාර්තා වේ.

බෝම්බ පුපුරා ගොස් ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් නගරයේ ස්ථාන දෙකක යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS