ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නොවැම්බරයේ 2,885 ක් මරුට



නොවැම්බර් මාසයේ පමණක් ඉරාකයේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිවිල් වැසියෝ 2,885 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ‘ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සංගනන’ ඒකකය විසින් නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවක දැක්වෙයි.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන පරිදි තවත් 1,380 ක් දෙනෙක් තුවාල ලබා සිටිති. වැඩිපුර ජීවිත හානි සිදුවී ඇත්තේ මොසූල් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. මොසූල් නුවර තවමත් දනේෂ් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතී.
නගරය මුදා ගැනීමට මහා මෙහෙයුමක් ඉරාක රජයේ හමුදාව විසින් ආරම්භ කරනු ලැබ ඇති අතර, රජයට සහාය දක්වන සටන්කාමී කල්ලිවල සහාය රජයේ හමුදාවට හිමිවෙයි.
ඉරාක රජයේ හමුදාව පවසා ඇත්තේ මොසූල් නුවර මුළුමනින්ම දනේෂ් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට නම් මාස ගණනාවක් ගතවනු ඇතැයි කියාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS