ඉරාකයේ චෝදනා කුවේටය ප්‍රතික්ෂේප කරයි



ඉරාක ගුවන් තලය ආක්‍රමණය කර ඇති බවට එල්ල කරනු ලබන චෝදනාවන් කුවේට් ගුවන් හමුදාව තරයේ ප්‍රතික්ෂේප කලේය. 

විද්‍යුත් රේඩාර් දත්ත නිරීක්ෂණයෙන් පසුවත් එවැනි උල්ලංඝණයක් සිදු නොවී ඇති බව කුවේට් හමුදාපතිවරයා ප්‍රකාශ කලේය. 

අන්තර්ජාතික ගිවිසුම්, රටක පවතින ස්වෛරීභාවයට ගරු කිරීම සහ අසල්වැසියන් වශයෙන් ලෙස කටයුතු කිරීමට බැදී සිටින බව හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කලේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS