ඉරාකයේ 8 ක් මරුට
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිදුවුණු බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 31කි.
එය මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකි. බෝම්බය පුපුරා ගොස් ඇත්තේ ටජී පළාතේ අවමංගල උත්සවයක් අතරතුරේ යැයි ද පැවැසෙයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බවත්, ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
(ප්‍රෙස් ටීවී)