ඉරාකයෙන් වෙන්වන්න කැමතියි



ඉරාකයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන්, ඉරාක රජයේ දැඩි විරෝධය මැද, එරට කුර්දිස්තානයේ පසුගිය 25 පැවැති ජනමත විමසුමේ ප්‍රතිඵල මේවනවිට නිකුත් වෙමින් පවතින අතර, මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කුර්දිස්තාන වැසියන්ගෙන් බහුතරය ඉරාකයෙන් වෙන්වීමට කැමැත්ත පළ කර ඇති බවය.

කෙසේ නමුත් මෙම ජනමත විමසුම ඉරාක ව්‍යවස්ථාවට පටැහැනි හෙයින්, එය නීත්‍යාණුකූල නොවන බව ඉරාක අගමැති හයිදර් අල් අබාදී දිගින් දිගටම පවසා ඇත. කුර්දි මැතිවරණ බලධාරීන් පවසා ඇත්තේ සියයට 72 කට වැඩි පිරිසක් ජනමත විමසුමට සහභාගී වී ඇති බවය. කුර්දිස්තානයේ ජනමත විමසුමක් පැවැත්වීමෙන් සිදුවන්නේ නව අර්බුදයක් නිර්මාණය වීම බවටත්, එය මහා ලේ වැගිරීමක් වනු ඇති බටත් ඉරාක අගමැතිවරයා අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.

ඉරාකයෙන් වෙන්වීමට තිරණය කළ කුර්දි වැසියන් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රීති වෙනමින් කුර්දිස්තානයේ එර්බිල් අගනුවර වීදි බැස සතුට සැමැරූ බව වාර්තා වේ. ජනමත විමසුම ඉතා සාමකාමී අයුරින් පැවැත්විණි.
අගනුවර පැවැති ප්‍රීතිඝෝෂා හේතුවෙන් විශේෂ ආරක්ෂාවල් පමණක් නොව ඇඳිරි නීතිය පවා පැවැනීමට බලධාරීන් පියවර ගත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවේවි යැයි බියක් හටගෙන ඇති නිසා යැයි ද මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකය සුන්නි, ෂියා සහ කුර්දි වශයෙන් බෙදී වෙන් වී ඇති රාජ්‍යයකි. කුර්දිවරුන් ජීවත් වන්නේ කුර්දිස්ථානයේය. කුර්දිස්ථානය ඉරාකයට අයත් කොටසකි. මෙහි අගනුවර වන්නේ එර්බිල්ය. මිලියන 8.5 පිරිසක් මෙහි වාසය කරති.

(රොයිටර්)


RECOMMEND POSTS