ඉරාකයෙන් වයිරස ආසාදිතයෙක්



ඉරාකයෙන් පළමු ‘කෝවිඞ් 19’ ආසාදිතයා හමුවුණු බව එරට රජය අද (24) නිවේදනය කළේය.

මෙම ආසාදිතයා ඉරාකයේ දකුණු දෙසින් පිහිටි නජාෆ් නමැති නගරයේ පදිංචි ඉරාන ජාතිකයෙකු බව ඉරාක රජය පවසා ඇත.

ඉරානයේ මේ වනවිට කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙමින් යන බව වාර්තා වේ. ඉරාකයේ සමීපතම අසල්වැසියා ඉරානයයි.

මේ අතර ඉරාක රජය ඉරානයෙන් පැමිණෙන ඉරාක ජාතිකයන් හැර වෙන කිසිවකු රටට ඇතුළු කර නොගන්නා බව පවසා ඇත.

ඉරාක ඉරාන දේශසීමා වසා දැමීමට ද ඉරාක රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS