ඉරාකයෙන් පාඩම් ඉගෙන ගන්න



ඇමෙරිකාව ඉරාකයෙක් පාඩම් ඉගෙන ගත යුතු යැයි බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියයි.

සිරියානු ජනාධිපති අසාද් මේ බව කියා සිටියේ, ‘රුසියන් ටුඬේ’ පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අසාද්, සිරියාවේ ජනාධිපති ධුරය අත්හැරීම ප්‍රතික්ෂේප කරයි.

මෙය නිරන්තරයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා අසාද් හඳුන්වා දී ඇත්තේ ‘තිරිසනකු’ යනුවෙනි.

සිරියා රජය පෙරළා දැමීමට, එරට කුර්දි බෙදුම්වාදීන්ට ඇමෙරිකා රජය රහසේ සහාය දෙයි. ඇමෙරිකා හමුදා නිලධාරීන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීහු සිරියාවේ රැඳී සිටිති.

සදාම් හුදේන්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු ඉරාකය අස්ථාවර කළේ ඇමෙරිකාව බවත්, කර්නල් මුවම්මාර් ගඩාෆි මරා දමා ලිබියාව අස්ථාවර කළේත් ඇමෙරිකාව බවත් සිරියානු ජනාධිපති අසාද් පැහැදිලි කරයි.

සිරියානු අර්බුදයේ දී, ඇමෙරිකාවේත්, ඉරානයේත්, තුර්කියේත් සහාය සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට හිමිවෙයි. අසාද් තවමත් බලයේ රැඳී සිටින්නේ එම රටවලින් ලැබෙන සහාය හේතුවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS