ඉරාකයෙන් ආසාදිතයන් 538ක්



ඉරාකයේ පසුගිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 538 ක් වාර්තා වේ. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2,079,622ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මෙම කාලය තුළ පුද්ගලයන් 21 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්  ජීවිතක්ෂයට පත් වී ඇත.

ඉරාකයේ සමස්ථ මරණ සංඛ්‍යාව 23,793 දක්වාත්, සුවය ලැබූ සංඛ්‍යාව  2,042,299 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය , බැග්ඩෑඩ් නුවර)


RECOMMEND POSTS