ඉරාකයට යන්න එපා: කුවේටය කියයි



ඉරාකයේ වර්ධනය වෙමින් පවති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අසල්වැසි කුවේට් රාජ්‍යයේ සංචාරය කිරිමෙන් වලකින ලෙස කුවේට් රජය ජනතාවට දැණුම් දී ඇත.

විරෝධතාවයන් පැවැත්වෙන ස්ථානවලින් හැකිතාක් ඉවත් වී සිටින ලෙසත්, ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරාකයේ සිටින කුවේට් ජාතිකයන්ට දැණුම් දී ඇත.

කිසියම් හදිසි අවස්ථාවකදී බැග්ඩෑඩ් නුවර පිහිටි තානාපති කාර්යාලයට හෝ බාස්රාහි  කොන්සල් කාර්යාලයේ දුරකථන අංකයට (009647828444666) දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS