ඉරාකයට නව අගමැතිවරයෙක්



ඉරාක ජනාධිපති බහ්රාම් සාලී එරට නව අගමැතිවරයා ලෙස මොහොමද් තව්ෆීක් අලාවී පත් කළේය. ඉරාක ජනපතිවරයා මෙසේ නව අගමැතිවරයකු පත් කළේ, ඉරාක පාර්ලිමේන්තුවට ඒ සඳහා ලබා දුන් කාලය ඉකුත් වූ බැවිනි.

ඉරාකයේ දේශපාලන අර්බුදයක් ආරම්භ වූයේ මීට මාස කීපයකට පෙරය. ජනතාව ඉරාක රජයට එරෙහිව විරෝධතා පවත්වන්න වූයේ ධරිද්‍රතාව සහ විරැකියාව උත්සන්න වීම, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ රජයේ දූෂණ වංචා ඉහළ යෑමත් සමඟය.

ඒ අනුව, අගමැති ධුරයේ කටයුතු කළ අබ්දෙල් අබ්දුල් මහ්දී ධුරයෙන් ඉවත් විය. ඉරාක ජනපති බහ්රාම් සාලී, නව අගමැතිවරයකු පත් කර ගන්නැයි පාර්ලිමේන්තුවට පැවැසීය.

කෙසේ නමුත් එය ද අසාර්ථක විය. ජනපතිවරයා ඔහුගේ බලතල අනුව මොහොමද් තව්ෆීක් අලාවී අගමැති ධුරයට පත් කළේ ඒ අනුවය. අබ්දෙල් අබ්දුල් මහ්දී අගමැති ධුරයෙන් ඉවත් වූයේ පසුගිය නොවැම්බර් 30 වැනිදාය. අගමැති ධුරයට මොහොමද් තව්ෆීක් අලාවී පත් කිරීම සම්බන්ධයෙන් ද ඉරාකයේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.

බැග්ඩෑඩයේදීය (අල් ජසීරා)


RECOMMEND POSTS