ඉරාකය තිරිඟු මිලදී ගැනීමට යයි



ඉරාකය ජාත්‍යන්තරයෙන් තිරිඟු මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම ද ආරම්භ කර තිබේ.

තිරිඟු ටොන් 50,000ක් මෙලෙස ජාත්‍යන්තරයෙන් මිලදී ගැනීමට ඉරාක වෙළෙඳ අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මේ අනුව ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 26 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය ලබා දීමට ඉරාක වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඉරාකය ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ටේ්‍රලියාව හෝ කැනඩාව යන රටවලින් තිරිඟු මිලදී ගැනීමට බලාපොරොත්තු වේ.

මීට පෙර ඉරාක වෙළෙඳ අමාත්‍යාංශය තිරිඟු ටොන් 50,000ක් සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කළ අතර පසුව එය ඉවත් කරගන්නා ලදි. මෙම මස මුලදී ඉරාකය ඇමෙරිකා එක්සත් ජනපදයේ කාගීල්, ඒ.ඩි.එම් සහ හඳුනාගොත් සමාගමකින් තිරිඟු ටොන් 500,000ක සෘජු මිලදී ගැනීමක් සිදු කළ බව ද වාර්තා විය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහල් සහ තිරිඟු සෘජු මිලදී ගැනීම් යටතේ සිදු කිරීම සඳහා ඉරාක කැබිනට් මණ්ඩලය පසුගිය මැයි මාසයේදී එරට වෙළෙඳ අමාත්‍යාංශයට අවසර දුන්නේය. 

(රොයිටර්)


RECOMMEND POSTS