ඉරාක හමුදාවෝ ඉපැරැණි නිම්රුඩ් නුවර මුදා ගනිති



දනේෂ් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මීට දෙවසරකට පෙර අත්පත් කර ගත් ‘නිම්රුඩ්’ නමැති ඉපැරැණි ඉරාක නගරය, යළි අත්පත් කර ගැනීමට ඉරාක හමුදා සමත් වී ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.
නිම්රුඩ් යනු 13 වැනි සියවසේදී සමෘද්ධිමත්ව පැවැති ඇසිරියානු නගරයකි. නටබුන් වී සංචාරක ආකර්ෂණයක් ලෙස ද පැවැති මෙම නගරය යුනෙස්කෝ සංවිධානයේ පවා අවධානයට ලක් වූ ස්ථානයකි.
නගරය අත්පත් කර ගැනීමෙන් පසු රූපාක්ෂර කෙටූ සෙල් ලිපි සහ පුරාණ ස්ථම්භ රැසක් ත්‍රස්තයන් විසින් විනාශ කර දමනු ලැබුණි.
නගරය මුදා ගැනීමට කළ සටන්වලදී පවා නගරයට බෙහෙවින් හානි සිදුවී ඇති බව වාර්තා වේ. නගරය මුදා ගැනීමට දින කිහිපයක් තිස්සේ සටන් පැවැතුණු බව ඉරාක හමුදාන කියයි. මෙවැනි පුරාණ නගරයක් ලොවට අහිමි වීම සම්බන්ධයෙන් යුනෙස්කෝව සිය කනගාටුව පළ කර ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS