ඉරාක ෂියා ආගමික නායකයාගෙන් ඉල්ලීමක්



රජයට එරෙහි පත්වන විරෝධතා නවත්වා, සාකච්ඡා මාර්යෙන් පවතින අර්බුදයට විසඳුමක් සොයමු යැයි ඉරාකයේ ප්‍රධාන ෂියා මුස්ලිම් නායක අයතුල්ලා අලී අල් සිස්තානී ඉරාක විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත.

අයතුල්ලා අලී අල් සිස්තානී ඉරාකයේ ෂියා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අතර, ඔහු දේශපාලනයට මැදිහත් නොවන බව පැවැසෙයි. කෙසේ නමුත් මෙම අවස්ථාවේ රටේ පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් අයතුල්ලා අලී අල් සිස්තානී ඊට මැදිහත් වී සිටින බව ඉරාක මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අයතුල්ලා අලී අල් සිස්තානී කළ ඉල්ලීම නොසලකා බැග්ඩෑඞ් අගනුවර අලුත් විරෝධතා රැලි කිහිපයක් ආරම්භ වුණු බව අල්  ජසීරා පුවත් සේවා පසුව වාර්තා කර තිබුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS