ඉරාක විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර, පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ ගත් විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් පැවැත්වෙමින් තිබුණි. ඒ, රටපුරා පැතිරෙමින් පවතින විරෝධතා සම්බන්ධයෙනි.

විරෝධතාවට සිය ගණනක් දෙනා සහභාගී වූ බව ද පැවැසෙයි. විරෝධතාකරුවන් අගමැති අබ්දෙල් අබ්දුල් මහාදි සහ රජයට ඉල්ලා අස්වෙන්නැයි බල කරයි. ඒ, විරැකියාව, දරිද්‍රතාව ඉහළ යෑම, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී චෝදනා මුල්කොට ගනිමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS