ඉරාක රූ රැජිනට මරණ තර්ජන



තමන්ට මරණ තර්ජන එල්ල වන බව ඉරාකයේ හිටපු රූ රැජිනක වන ෂීමා කසීම් කියයි.

ෂීමා කසීම් 2015 වසරේ දී ඊජිප්තු රූ රැජින ලෙස කිරුළු පැළැදි සුරූපිනියයි.

තමන්ට සමාජ ජාල ඔස්සේ සහ දුරකතන ඇමැතුම් ඔස්සේ තර්ජන එල්ල වී ඇතැයි ෂීමා කසීම් පවසා ඇත.

පසුගිය දා ටාරා ෆරේස් නමැති ඊජිප්තු ජාතික නිරූපිකාව ඝාතනයට ලක් විය. ඒ, බැග්ඩෑඞ් අගනුවරදී තුවක්කුකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකිනි. ටාරා ෆරේස් ඝාතනය වීමට දින දෙකකට පෙර, ඊජිප්තු මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන සෞද් අල් අලී බස්රා නුවරදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS