ඉරාක රජයේ සේවකයන්ට නිවාඩු



ඉරාකයට බලපා ඇති දැඩි උණුසුම හේතුවෙන් අද දිනය සියලු රජයේ සේවකයන්ට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉරාක අගමැති හයිදර් අල් අබාදී කටයුතු කළේය.

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර උෂ්ණත්වය ඊයේ සෙල්සියස් අංශක 50 (ෆ්‍රැරන්හයිට් 112) දක්වා ඉහළ ගොස් තිබුණු බව ද වාර්තා විය. මොසූල් සහ බස්රා යන නගරවල උෂ්ණත්වය ද ඉතා ඉහළ අගයක් ගත් බව ද වාර්තා විය.

අධික උණසුම නිසා විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතය ඉහවහා ගොස් ඇති බවත් එය රටේ බලශක්ති අර්බුදය තව තවත් වැඩි කිරීමට හේතුවක් වී ඇති බවත් ඉරාක බලශක්ති අමත්‍යාංශය කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS