ඉරාක රජය එරට විදෙස් තානාපතිවරුන් කැඳවයි



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට රැස්වුණු විරෝධතාකරුවන්ට ඉකුත් සතිඅන්තයේ ඉරාක ආරක්ෂක අංශ වෙඩි තැබීම සම්බන්ධයෙන්, ඉරාක රජය විවේචනය කළ විදෙස් තානාපතිවරුන් ගෙන්වා, ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කිරීමට ඉරාක රජය කටයුතු කළේය.

ඉකුත් සති අන්තයේ සිදුවුණු එම වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවෝ 20 දෙනෙකු සහ ඉරාක පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම සිදුවීම සම්බන්ධයෙන්, ඉරාක රජයයට විරෝධය දක්වා සිටියේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශයයි. ඉරාක අගමැති ධුරයෙන් ඉවත් වී, භාරකාර අගමැති ලෙස කටයුතු කරන අබ්දුල් අබ්දෙල් මහ්දි එම තානාපතිවරුන්ට පවසා ඇත්තේ, ආයුධ සන්නද්ධ විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය උපරිම බලය භාවිත කිරීම වරදක් නොවන බවය.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS