ඉරාක පොඞ්ඩෝ පාසල් යති



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ඉරාකයේ මොසූල් නගරයේ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්වී ඇති බවත්, මොසූල් දරු දැරියන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති බවත් ඉරාක පුවත් සේවා වාර්තා කරයි.

මොසූල් යනු ඉරාකයේ දෙවැනි විශාලතම නගරයයි. එය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම පසුගිය වසරේ සිදුවිය. මෙම නගරය අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබුවේ 2014 දීය. නගර වැසියන්ගෙන් බොහෝ දෙනකු නගරය අතහැර පලා ගිය අතර, ඉතිරි වැසියෝ ප්‍රාණඇපකරුවන් බවට පත් වූහ.

මේ වනවිට මොසූල් වැසියන් ඔවුන්ගේ නගරයට යළි පැමිණ සිටින අතර නගරයේ ප්‍රධාන පාසල් කිහිපයක් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

මේ සියලු කටයුතු සිදුවන්නේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ අධීක්ෂණය යටතේ යැයි පැවැසෙයි. අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මොසූල් මුදා ගැනීමට පැවැති දරුණු සටන්වලදී මොසූල් නුවරට දැඩි හානි සිදුවිය. හානිවුණු නගරය ප්‍රතිසංස්කරණය සිදුවන්නේ ද විදෙස් රටවල සහාය ඇතිවය.

මොසූල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS