ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බ පිපිරේ



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිපිට බෝම්බයක් පුපුරා යෑමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් අයි.එස්. හෝ අයි.එස් ත්‍රස්තවාදීන්ට සහාය දක්වන ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් හෝ ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාර ගෙන නැත.

බෝම්බ ප්‍රහාරයත් සමඟ කාබුල් අගනුවර ෂාර් ඊ නාව් නමැති පළාතේ වෙඩි හුවමාරුවක් ද සිදුවිය. ඒ, ත්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් හමුදාව අතරේය.

ඉරාක හමුදා ප්‍රහාර හමුවේ එරට ක්‍රියාත්මක වන අයි.එස්. ත්‍රස්තවාදීන් දැඩි පසුබෑමකට ලක් වී ඇත. එහෙයින් ඔවුන්, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඉරාක තානාපති කාර්යාලයට පහර දීමට උත්සහ කරන්න ඇතැයි ඇෆ්ගන් රජය කියයි.

මියගිය පිරිස අතර තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙක් ද වෙති. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS