ඉරාක ගුවන්තොටුපොළ ත්‍රස්තයන්ගෙන් මුදා ගැනෙයි



දනේෂ් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති තාල් අෆාර් ගුවන්තොටුපොළ එම ත්‍රස්තාවාදීන්ගෙන් මුදාගත් බව ඉරාක හමුදාව පැවැසීය.
තාල් අෆාර් ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මොසූල් නුවරට බටහිරිනි. නගරය මුදා ගැනීමට දරුණු සටන් පැවැතුණු බව ද වාර්තා වේ. ගුවන් තොටුපොළ මුදා ගැනීමේ මෙහෙයුම්වලට ද ඉරාක හමුදාවට කුර්දි සටන්කාමීන්ගේ සහාය හිමිවිය.
ඉරාකයේ සිට දේශසීමා හරහා සිරියාව බලා විහිදෙන ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ ද මෙම තාල් අෆාර් ගුවන්තොටුපොළ අසලින් යැයි ද වාර්තා වේ.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS