ඉරාක ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි



ඉරාක ආණ්ඩුව නිසා ආරක්ෂාවට සැපයීමට නොහැකි වීමත් අයි.එස් ත්‍රස්තයන්ගෙන් භූමි ප්‍රදේශ මුදා ගැනීමට නොහැකි වීමත් නිසා ගැටුම් හේතුවෙන් පසුගිය වසරේදී සිවිල් වැසියන් 6,878 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම සංඛ්‍යා දත්ත නිවේදනයේ කරුණු ලැබුවේ ඉරාකයේ සිටින එක්සත් ජාතීන්ගේ ඉරාකය සඳහා පත් කර තිබෙන සහකාර නියෝජිත කණ්ඩායම උපුටා දක්වමිනි. මෙම මියගිය සංඛ්‍යාව අවම සංඛ්‍යාව යැයි ද ගැටුම් පවතින ප්‍රදේශවල තුවාල ලැබූවන් සහ මියගිය පිරිස්වල සංඛ්‍යා දත්ත නිශ්චිතව කර ගැනීමට නොහැකි වූ බව ද එම කණ්ඩායම නිවේදනය කළේය.

එමෙන්ම එම මියගිය සංඛ්‍යාවට පසුගිය වසරේ ඉරාකයේ බටහිර අන්බාර් පළාතේ මැයි, ජූලි, අගෝස්තු සහ දෙසැම්බර් යන මාසවල සිදු වූ ගැටුම්වලින් මියගිය සිවිල් වැසියන් අයත් නොවන බව ඉරාකය සඳහා පත්කර තිබෙන එක්සත් ජාතීන්ගේ සහකාර නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළේය.

ඉරාකය සඳහා පත්කර තිබෙන එක්සත් ජාතීන්ගේ සහකාර නියෝජිත කණ්ඩායමට අනුව පසුගිය වසරේ ඉරාකයේ පැවැති ගැටුම්වලින් තුවාල ලැබූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 12,388කි. එක්සත් ජාතීන්ගේ අනතුරට ලක්වූවන්ගේ මාසික වාර්තාවට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉරාකයේ පවතින ගැටුම්වලින් මියගිය ඉරාක සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 386කි. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 1,066කි.

 

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS