ඉරාක අගමැතිට නිල ආරාධනාවක්



නිල සංචාරයක් සඳහා අබුඩාබියට පැමිණෙන ලෙස ඉරාක නව අගමැති, ඇඩෙල් අබ්දුල් මහඩිට නිල වශයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ආරාධනා කර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයාට නිල ආරාධනාවක්එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කර ඇති බවටඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළ බව ඉරාක අල්-සුමාරියා රූපවාහිනි නාලිකාය විකාශනය කර ඇත.

අලුතින් පත් වු ඉරාක රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ද්විපාර්ශවික සම්බන්ධතා ඇති කරගැනීම සඳහා අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ හමුදා ප්‍රධානී, ෂයින් මොහොමඩ් බින් සෙයිඩ් අල්- නහියන් අපේක්ෂාවෙන් සිටින බව රූපවාහිනි නාලිකාව වාර්තා කර ඇත.

නව ඉරාක රජයට සුභපැතුම් එක්කිරීමටෂයින් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් කුමරු කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS