ඉරාක අගමැති සෞදි රජු හමුවෙයි



සෞදි රජු, සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද්ඉරාක අග්‍රාමාත්‍ය, ආචාර්ය හයිඩර් අල්-අබ්දිව ඉතා උණුසුම් ආකාරයෙන් මක්කම පිහිටි සෆා මාලිගයේ දි පිළිගත් බව වාර්තා වේ.

ඉරාක අග්‍රාමාත්‍යවරයාට සහ ඔහු සමඟ පැමිණ නියෝජිතයින්ට ගෞරවයක් වශයෙන් සෞදි රජු ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් පැවැත් වු බව සෞදි මාධ්‍යායතනය වාර්තා කළේය.

රාජකීය කුමාරවරු ගණනාවක් සහ ඉහළ පෙළේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වු බව වාර්තා වේ.

දෙරටේ නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ අතර ගල්ෆ් කළාපයේ සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කළ බව  වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS