ඉම්රාන් ඛාන් සෞදි යන්න සැරසෙයි



පකිස්ථානු අගමැති, ඉම්රාන් ඛාන් සෞදි අරාබියේ සංචාරය කිරීමට සූදානම් වන බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරයට සහභාගි වීමට පෙර මේ මස අගදීපකිස්ථානු අගමැතිවරයා සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිත අතර සිය තුන්වන සංචාරයේදී ඉහළ පෙලේ සෞදි නිලධාරීන් හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු 2018 සැප්තැම්බර් මාසයේදී ඉම්රාන් ඛාන් ප්‍රථම වරට සෞදි අරාබියට පැමිණි අතර මක්කම නුවර පැවති ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා දෙවන වරට සෞදි අරාබියට පැමිණ බව පකිස්ථානු මාධ්‍ය සඳහන් කර ඇත.

අසල්වැසි ඉන්දියාව සමඟ කාශ්මීර් අර්බුදය වර්ධනය වෙමින් පවතින අවස්ථාවක පකිස්ථානු අගමැතිවරයා සංචාරය කිරීමට සූදානම් වීම විශේෂත්වයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS