ඉන්ධන මිල අඩුකළ යුතුයි



ගල්ෆ් කලාපයේ ඇති රටවල් කීපයක් ඉන්ධන මිල අඩු කර ඇති අතර තවත් රටවල් අඩු කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බාලීඩ් අල්-ටබ්යබෙයි ප්‍රකාශ කළ බවarabtimesonlineවෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමාන් සහ එමිරේට්ස් රාජ්‍යයන්ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර ඇති අතර සෞදි අරාබිය ඉන්ධන මිල ගණන් අඩු කිරීමසඳහා ක්‍රියාකරමින් සිටින බව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් බාලීඩ් අල්-ටබ්යබෙයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කුවේට් ජනතාවට බලාපොරොත්තුවක් ඇති කරමින් අප රටත් එවැනි පියවරක් අනුගමනය කළ යුතු බව කුවේට් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවේදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(arabtimesonlineපුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS