ඉන්ධන පිරවුම් හල් පරීක්ෂා කරයි



පරිභෝගිකයින්ට මුදලට සරිලන ලෙස ඉන්ධන නිකුත් කරනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ඕමානයේ පිහිටි ඇති ඉන්ධන පිරුවුම් හල් පරීක්ෂා කිරීමට ඕමාන බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වංචනික කටයුතු වල නිරත වන ඉන්ධන පිරවුම් හල් වැටලීම සඳහා  200කට වැඩි පිරිසක ගෙන් යුත් කාණ්ඩායමක් යොදවා ඇති බව පරීභෝගිකයින් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ෆයිසාල් අල්-ජලාමි ප්‍රකාශ කළේය.  

ඉන්ධන ලබාගැනීමට පැමිණ පුද්ගලයෙකුට ඉන්ධන තොග අවසන් බව සේවකයින් දෙදෙනෙකු පවසා ඇති අතර එසේ පවසා ඇත්තේ වැඩි මුදලකට ඉන්ධන පැකට් අලවි කිරීමට බව කරන ලද පරීක්ෂණයකදි තහවුරු වී ඇත. 

පසුව එම සේවකයින් දෙදෙනා අත්අඩංගුව ගෙන නිස්වා හි පිහිටි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  වසරක අත්හිට වු සිරදඩුමක් සහ ඕමාන් රියාල් 2,000ක දඩ මුදලක් නියම කළේය.  

2017 ජනවාරි මාසයේ සිට ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළ යමින් ඇති බව වාර්තා වේ. 

 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS