ඉන්දු-කුවේට් අවබෝධතා ගිවිසුමක්



කුවේටයේ සේවිකාවන් සම්බන්ධයෙන් සහඉන්දු-කුවේට් සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

වැටුප් නොගෙවීම, ගෘහස්ථ හිංසනය, ගෘහ සේවිකාවන්ට රක්ෂණ ආවරණයක් ලබාදීම සහ විසා ලබාගැනීමේදි ඇතිවන සහ ඇති විය හැකි ගැටළු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමේ වැඩි අවධානයක් යොමු කර ඇති බව ඉන්දිය තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය, ෂයික් සභා අල්-කලීඩ් අල්-හමාඩ් අල්-සභා සහ ඉන්දීය විදේශ ඇමතිනී, සුෂ්මා ස්වරාජ්අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS