ඉන්දු කාශ්මීර වැසියන්ට සාධාරණයක් වෙන්න ඕනෑ



ඉන්දු කාශ්මීර මුස්ලිම් වැසියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතු යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉන්දීය රජයට පවසා ඇත.

ඉන්දු කාශ්මීරයේ ජම්මු සහ කාශ්මීර පළාත්වල වෙසෙන මුස්ලිම් වැසියන්ගේ යහපත වෙනුවෙන් ඉන්දීය මාධ්‍යම රජය සාධාරණ සහ යුක්තිසහගත අයුරින් ප්‍රතිපත්ති සකස් කරනු ඇතැයි තම විශ්වාස බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි වැඩිදුරටත් පවසා ඇත.

ඉන්දියාවත් ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය සහ ඉන්දියාව අතර පවතින්නේ යහපත් මිත්‍රත්වයකි. ඉන්දීය රජය, ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂිත බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායකයා අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

1947 වසරේ ඉන්දියාවට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස හිමිවුණු අවස්ථාවේදී පාකිස්තානය ලෙස මුස්ලිම් රාජ්‍යයක් නිර්මාණය විය. කාශ්මීරය ඉන්දු කාශ්මීරය සහ පාකිස්තාන කාශ්මීරය ලෙස දෙකඩ විය. එදා සිට කාශ්මීරය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් පවතී.

කාශ්මීරය සම්බන්ධයෙන් පවතින අර්බුදය නිර්මාණය කළේ බ්‍රිතාන්‍යය බවත්, කාශ්මීර වැසියන්ට සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය වගකිව යුතු බවත් ඉරාන උත්තරීතර නායකයා වැඩි දුරටත්  පවසා ඇත.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS