ඉන්දීය විදේශ ඇමැතනිය ඉරානයේ



රුසියානු සංචාරයකට ගොස් ආපසු පැමිණෙද්දී, ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියාය.

ඇය ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ් හමුවී ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය. මෙහිදී වැඩි අවධානයක් යොමු වූයේ චබහාර් වරාය නගරය කෙරෙහිය.

ඉරාන රජයෙන් ඉන්දීය විදේශ ඇමැතිනියට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන් ඇය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත් වූ බව වාර්තා වේ.

ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් ඉරානයට පැමිණියේ, රුසියාවේ සෝචි නුවර සිටය. ඇය සෝචි නුවරට ගොස් සිටියේ  චීනයේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැති ‘ෂැංග්හයි වෙළෙඳ සහයෝගීතා සමුළුව’ට සහභාගී වීමටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS