ඉන්දීය පවුල් 39 ක් පැහැරගෙන



ඉරාකයේ ජීවත් වු ඉන්දීය පවුල් 39ක සාමාජිකයින් වසර තුනකට ඉහතදී පැහැර ගෙන ගොස් අයි.එස් ත්‍රස්තවාදීන් සිරකර ගෙන සිටින බව වාර්තා වන අතර පැහැර ගත් බොහෝ පිරිසක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් ඉරාකයට පැමිණි පුද්ගලයින් වේ.

අයි.එස් ත්‍රස්තවාදීන් මොසූල් නගරයෙන් පරාජය කිරිමෙන් පසු පැහැර ගැනීමට ලක් වු පුද්ගලයින් නැවත පැමිණෙනු ඇති බවට පැහැර ගැනීමට ලක් වු පුද්ගලයින්ගේ ඥාතීන් බලාපොරොත්තු තබා ගෙන සිටින බව වාර්තා වේ.

ඥාතීන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, සුෂ්මා ස්වරාජ්ව හමුවීමෙන් පසු ඇය ප්‍රකාශ කර ඇත්තේ වයඹ දිග මොසූල් නගරයේ බදුෂ් හි පිහිටා ඇති අයි.එස් ත්‍රස්තවාදීන්ගේ සිරකඳවුරක රඳවා ගෙන සිටින බවය.

“වසර තුනකට ඉහතදී පැහැර ගැනීමකට ලක් වු අපේ පවුල් වල සාමාජිකයින් ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරමු. අපි තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, නරක ආරංචියක් තාම අපිට ලැබිලා නෑ, සිර කඳවුර තියන පැත්ත තාම අයි.එස් ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ තියෙන්නේ ඒ ප්‍රදේශය බේරාගන්න තව මාස දෙක තුනක් යයි ’’යනුවෙන් වසර තුනකට ඉහතදී පැහැර ගැනීමටකට ලක් වු පවුලේ සාමාජිකයෙක් පිළිබදව අදහස් දැක්වු ඩේවින්ඩර් ප්‍රකාශ කළේය. 

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය, අමරිනඩර් සිං සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දීය ජාතිකයින් බේරා ගැනීම සඳහා විශාල පරිහ්‍රමයක් දරමින් සිටින බවත්,ඉරාක ඉහළ පෙලේ නියෝජිතයෙකු ජුලි 24 දින ඉන්දියාවේ සංචාරයක නිරත බව බැවින් යම් තොරතුරක් දැනගත හැකි බවත්, ඉන්දිය ජාතිකයින් බේරා ගැනීම සඳහා ගත හැකි සියළු ක්‍රියාමාර්ගයන් ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                    

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS