ඉන්දීය ධජය බර්ජ් කලීෆා කුලුනේ



ලොව උසම අහස සූරන මැදුර ලෙස වාර්තා අතරට එක්වී ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බර්ජ් කලීෆා කුලුන මෙවර ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය ධජය නිරූපණය වන අයුරින් විදුලි බල්බවලින් අලංකාර කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව මෙවර සමරන්නේ 68 වැනි ජනරජ දිනයයි. මෙවර ඉන්දීය රජයේ ආරාධනාව පිළිගෙන 68 වැනි ජනරජ දිනයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සාය්ද්ය.

 

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS