ඉන්දීය තානාපති කාර්යාලයෙන් උපදෙස්



කටාර් රාජ්‍යයට එරෙහිව ගල්ෆ් කලාපයේ ඇති අනිකුත් රටවල් රාජ්‍යතින්ත්‍රික සම්බන්ධතාවයන් අත්හැරීම හේතුවෙන් එරට තුල ඇතිවී තිබෙන තත්ත්වය පිළිබදව සහ එම තත්ත්වයන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබදව කටාර් රාජ්‍යයේ පිහිටා තිබෙන ඉන්දීය තානාපති කාර්යාලය ඉන්දීය ජාතිකයින් වෙත උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ.

“කටාර් රාජ්‍යයේ සිටින ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාකටාර් බලධාරීන් සමඟ එක්ව ඇතිවී තිබෙන තත්ත්වය ඉතා අවධානයෙන් යුත්තව නීරීක්ෂණය කරමින් සිටින අතර දැනට කිසිදු ඉන්දීය ජාතිකයකුට ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවී නොමැත.’’ යනුවෙන් එම උපදෙස් වල සඳහන්ව ඇති බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS