ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා



සෞදි අරාබිය ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කරගැනීම සඳහා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

විද්‍යාව, තාක්‍ෂණය සහ අභ්‍යවකාශ යන ක්ෂේත්‍රවල උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීම පිළිබඳව සෞදි සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය, අබ්දුල්ලා බින් අමර් අල්-ස්වාහා ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපාය මාර්ග පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම්, ග්‍රාන්ට් ෂැප්ස්සමඟ සාකච්ඡා කර ඇත.

තාක්‍ෂණය, නවෝත්පාදනය සහ ඩිජිටල් ව්‍යවසායකත්වය යන ක්ෂේත්‍රවල උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳවඅමාත්‍ය, අබ්දුල්ලා අල්-ස්වාහා, දුම්රිය, සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ ඉන්දීය ෆෙඩරල් අමාත්‍ය, ශ්‍රී අශ්විනි වෛෂ්නා සමඟද සාකච්ඡා කළේ ය.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ජී20 සමුළුවට අදාල කරුණුද මෙම සාකච්ඡාවේදි නායකයින් සාකච්ඡා කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS