ඉන්දියානුවන්ට ඕමානය එපා වෙයි



ඕමානයට පැමිණෙන ඉන්දියානු ශ්‍රමිකයන්ගේ විශාල අඩු වීමක් ඇති බව ඉන්දියානු විදේශ කටයුකු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඕමානය තුල සිටින ඉන්දියානු ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 60%කින් පහළ ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

2010 වර්ෂයේදි ඉන්දියානුවන් 105,513ක් ඕමානයේ සේවය කර ඇති අතර 2018 වර්ෂය අවසන් වන විට 36,037 දක්වා පහත වැටී ඇත.  

සේවක පුරුප්පාඩු පිරවීම සඳහා ඕමාන ජාතිකයන් වැඩිපුර බඳවාගැනීමට රජයේ අවධානය යොමු වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS