ඉන්ටර්නෙට් සීමා කෙරේ



ඊජිප්තුවේ අන්තර් ජාල කටයුතු සීමා කිරිමේ නව පනත් කෙටුම්පතකට ඊජිප්තු ජනාධිපති ෆාටා අල් සීසීගේ අවසරය හිමි වී ඇත.

අන්තර්ජාලය සම්බන්ධයෙන් නව නීති සකස් කෙරුණේ සයිබර් අපරාධ වැළැක්වීමට යැයි ජනාධිපති අල් සීසී පැහැදිලි කරයි. එපමණක් නොව, මෙම නව නීති ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

වෙබ් අඩවි රැසක් තහනම් කිරීමට ඊජිප්තු රජය පියවර ගෙන ඇත. එම වෙබ් අඩවි වලට කිසියම් කෙනෙකු ප්‍රවේශ වන්නේ නම් ඔවුන් සොයා ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන බව ද ඊජිප්තු සයිබර් ආරක්ෂක අංශය පවසා ඇත.

මෙම නව පනත ඊජිප්තු වැසියන්ගේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමක් යැයි බටහිර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙය ඊජිප්තුවේ සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS