ඉදිරි දිනවලදී ප්‍රවේසමෙන්



දකුණු දිග එමිරේටයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි එමිරේටයේ ජාතික කාලගුණ විදයා දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

අධික ශීතල හා මීදුම පවතින බැවින් මහා මාර්ගයන්හි රථවාහන ධාවනය කිරීමේ දී විශේෂයෙන් සැලකිලිමත් වන්නැයි එම දෙපාර්තමේන්තුව රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම අලුයම් කාලයේ හා රාත්‍රි කාලයේ උෂ්ණත්වය සීග්‍රයෙන් පහත වැටිය හැකි බැවින් ඒ  පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි ද එම දෙපාර්තමේන්තුව දන්වයි. පසුගිය දින කිහිපය තිස්සේ අලුයම්  කාලයේ එරට උෂ්ණත්වය පැවැතියේ සෙල්සියස් අංශක 4.2 වශයෙනි.

ශීත කාලගුණය සමඟ රට  පුරා රෝග පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් පසුවන්නැයි ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

තම අයතනය නිකුත් කරන නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් සමාජ ජාල ඔස්සේ නිකුත් කරන නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් එමඟින් ඉල්ලා තිබේ.

මෙම අනතුරුදායක කාලගුණය ලබන මස මැද භාගය වන තුරු පැවැත්වෙනු ඇතැයි පැවැසේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS