ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය



ඕමානයේ ඉතිහාසයේ රාත්‍රී කාලයේ වාර්තා වු වැඩිම උෂ්ණත්වය ජුනි මස 27වන දින වාර්තා වු බව ඕමාන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සෙල්සියස් අංශක 42.6ක් ලෙස උෂ්ණත්වය වාර්තා වු බවත් අනිකුත් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යෑමේ වැඩි ප්‍රවණතාවයක් පැවතුණු බවත් උෂ්ණත්වය ගණනය කිරීමට ප්‍රමාණවත් පහසුකම් එම ප්‍රදේශවල නොමැති වීම හේතුවෙන් නිවැරදිව තොරතුරු ලබාදීමට නොහැකි බව කාලගුණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

අරාබි මුහුදෙන් රට අභ්‍යන්තරයට පැමිණෙන උෂ්ණ සුළං ප්‍රවාහයන් හේතුවෙන් අධික උෂ්ණත්වයක් දහවල් කාලයේදි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS