ඉතිරි මත්පැන් ආපහු බෝතල්වලට දාලා



එමිරේට්ස් ගුවන්යානයක් තුළ සිටි ගුවන් මඟීන්ට පිළිගැන්වූ මත්පැන් වීදුරුවල ඉතිරිවන මත්පැන් යලිත් මත්පැන් බෝතල වලට එක්කරන එමීරේට්ස් ගුවන්සේවිකාවක ගේ වීඩියෝවක් මේදිනවල සමාජ ජල සේවාවන්හි ඇතුළු අන්තර් ජාලලයේ දැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

මේ සිදුවීම වාර්තා වී ඇත්තේ මීට මාස මාස තුනකට පෙර එනම් ඉකුත් අප්‍රේල් මාසයේ ඩුබායි සිට බාර්සිලෝනා නුවර බලා ගිය එමිරේට්ස් ගුවන් යානයකදීය.නමුත් මෙය එම ගුවන් යානයේම ගමන් ගත් ගුවන් මඟියෙකු විසින් පසුගිය 14 වැනිදා මෙය අන්තර් ජාලය එක්කර තිබිණි.

එමිරේට්ස් ගුවන් යානයේ ව්‍යාපරික පන්තියේ ආසන වෙන් කල ස්ථානයේදී මෙම සේවිකා අදාළ ක්‍රියාව සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එමිරේට්ස් ගුවන්සේවයේ ප්‍රකාශකයෙකු ගල්ෆ් නිව්ස් වෙබ් අඩවියට විද්්‍යුත් තැපෑලක් එවමින් ප්‍රකාශ කර සිටියේ එමිරේට්ස් ගුවන් සේවය හැමදාමත් පාරිභෝගිකයින් සදහා වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දෙමින් සිටින බවත් ,ආදළ සිදුවීම දැක්වෙන් වීඩියෝ වෙන් එම ගුණාත්මකභාවයට හානියක නොවන බවට තම සමාගම විශ්වාස කරන බවය.එසේම සිදු වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම විසින් දැනටමත් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවද එම සමාගම් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි


RECOMMEND POSTS