ඉතාලියට සහයෝගය දෙනවා: සෞදි රජු



සෞදි රජු, සල්මාන් ඉතාලි අගමැති, ජුසෙපේ කොන්ටේ සමඟ දුරකථනසංවාදයක් පත්වා ඇති බව වාර්තා වේ.

ගෝලීය වසංගතය මැඩපැවැත්වීම සඳහා ජී 20 සමුළුවේ උත්සාහයන් සහ ප්‍රතිපත්ති සාර්ථක වනු ඇති බවට නායකයින් දෙදෙනා බලාපොරොත්තු පළ කර ඇත.

වෛරසය පැතිරීම හේතුවෙන් ඉතාලියට සිදු වූ හානිය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්,මෙම තීරණාත්මක කාලය තුළ ඉතාලිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව සල්මාන් රජුඉතාලි අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ගැසට්, රියාද් නුවර)

RECOMMEND POSTS