ඉඞ්ලිබ් පළාතට රුසියාව බෝම්බ හෙලයි



සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ ස්ථාන කිහිපයකට රුසියන් ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා බෝම්බ හෙලා ඇති බවත් එයින් 25 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බටහිර හිතවාදී මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චෝදනා නගා ඇත්තේ රුසියන් ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලා ඇති බවය.

සිරියානු අර්බුදයේදී සිරියානු රජයට රුසියාවේ සහාය හිමිවෙයි. සිරියාවෙන් හිස එසවූ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය මර්දනය කිරීමට සිරියානු රජයට හැකිවී ඇත්තේ ද රුසියාවෙන්, ඉරානයෙන් සහ තුර්කියෙන් ලැබෙන සහාය නිසාය.

රුසියාව පවසා ඇත්තේ, තමන් පහර දුන්නේ ඉඞ්ලිබ් පළාතේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් බවය. බෝම්බ ප්‍රහාර හඑල්ල කර ඇත්තේ ඛාන් ෂෙයිකෝන්ථ කෆාර් බටීකා ඇතුළු ගම්මානවල හඳුනාගත් ස්ථානවලට යැයි ද පැවැසෙයි.

ඩමැක්සක්ස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS