ඉඞ්ලිබ් පළාතට තුර්කි හමුදා ආරක්ෂාව



‘අස්තානා’ සම්මුතියට අනුව, සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් තුර්කි හමුදාව යෙදවෙනු ඇතැයි තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසීය.

‘අප රුසියානුවන් සමඟ එකඟතාවකට ආවා. රුසියානු පමණක් නොව ඉරාන හමුදා එක් වී, ඉඞ්ලිබ් පළාතෙන් පිට ආරක්ෂක කටයුතු ගැන බලා ගන්නවා. අපි ඉඞ්ලිබ් පළාතේ ආරක්ෂාවට හමුදාව යොදවනවා.

රුසියාව, තුර්කිය සහ සිරියාව සිරියානු රජයේ නියෝජිතයන් සහ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ එක් වී, කසක්ස්තානයේ අස්තානා අගනුවර සිරියානු සාම සමුළුවේදී, මෙම එකඟතා ඇති කරගත් බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS