ඉඞ්ලිබ් පළාත මුදා ගන්නවා



සිරියානු රජයට එරෙහිව අවි අතට ගත් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන ඉඞ්ලිබ් පළාත කඩිනමින් මුදා ගන්නවා යැයි සිරියානු රජය වෙනුවෙන් එරට අගමැති කියයි.

සිරියානු අගමැති ඉමාද් ඛාමිස් වැඩි දුරටත් කියා සිටින්නේ, ඉඞ්ලිබ් පළාත මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රුසියාවේත්, ඉරානයේත් සහාය නොඅඩුව ලැබෙන බවය.

මෙම පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජය් හමුදා සමත් වුවහොත්, සිරියාවේ සිවිල් යුද්ධය අවසන් වනු ඇති බව සිරියානු අගමැතිවරයා පැහැදිලි කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS