ඉක්මණින් ආපසු එනවා: හරීරී කියයි



මරණ තර්ජනවලට බියෙන් ධුරයෙන් ඉවත් වන බව පැවැසූ ලෙබනන් අගමැති  සාද් අල් හරීරී, සවුදියේ රියාද් නුවර සිට මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම මාධ්‍ය හමුවේදී ලෙබනන් වැසියන් අමතමින් කියා සිටියේ හරීරි කියා තමා සවුදි රජයේ සිරකරුවකු නොවන බවත් ඉදිරි දින කීපය ඇතුළත යළි ලෙබනනයට පැමිණෙනු ඇති බවත්ය.

හරීරී අගමැති ධුරයෙන් ඉවත් වන බව පැවැසුවේ මීට දින කිහිපයකට පෙරය. ඒ, සවුදියේ රියාද් නුවර සිටිද්දීය.

තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, මරණ තර්ජන එල්ල වී ඇත්තේ ඉරානයෙන් සහ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයෙන් බවත් හරීරි වැඩි දුරටත් කියා සිටී.

ලෙබනන් හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ හරීරි ඉල්ලා අස්වීමට සවුදියෙන් බලපෑම් එල්ල වුණු බවය. හරීරි දැන් සවුදියේ සිරකරුවකු වී සිටිනවා යැයි ද ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය චෝදනා කර ඇත.

‘මම මෙහෙ බොහොම නිදහසේ ඉන්නවා. සිරකාරයෙක් නොවේ. මම ඉක්මණින් ආපසු එනවා. ආපසු ලෙබනනයට එනවා’ යැයි හරීරි මාධ්‍ය හමුවේදී අවධාරණය කළාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS