ඇෆ්රින් පළාතට ඇතුළු වෙන්න සූදානමින්



තුර්කි හමුදා සොල්දාදුවන්, සිරියාවේ කුර්දි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ඇෆ්රින් පළාතට ඇතුළුවීමට සූදානමින් සිටින බවත්, ඔවුන් කොයිමොහොතේ හෝ ඇෆ්රින් පළාතට ඇතුළු වනු ඇති බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් කියයි.

‘ඇෆ්රින් පළාත වට කරලයි තිබෙන්නේ. අපේ සොල්දාදුවන්ට දැන් ඕනෑම මොහොතක ඇෆ්රින් පළාතට පිවිසෙන්න පුළුවන්’ යැයි තුර්කි ජනාධිපති කියා සිටියේ තුර්කි පාලක පක්ෂය වන ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයේ නායකයන් හමුවෙමිනි.

ත්‍රස්තවාදීන් මුලිනුපුටා දමා මිසක් ඇෆ්රින් පළාත මුල්කොටගෙන ආරම්භ කළ සටන් අවසන් නොවන බව තුර්කි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන්ට එරෙහිව තුර්කි රජයේ මෙහෙයවීමෙන් එරට හමුදාව ආරම්භ කළ යුද මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඔලිව් බ්‍රාන්ච්’ යන නමිනි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS