ඇෆ්ගනිස්ථානයේදි තුවාල ලැබු එමිරේට්ස් තානාපති මියයයි



ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රෙද්ශයේදී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා සිටි ඇෆ්ගනිස්ථාන් එම්රේටිස් තානාපති, ජූමා මොහොමඩ් අබ්දුල්ලා අල්-කාබී මියගිය බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මෙම බෝම්බ ප්‍රහාරයෙන් එමිරේට්ස් ජාතිකයින් පස් දෙනෙකු මියගිය ගොස් තිබුණි. 

ඇෆ්ගන්ස්ථානයේ කන්දහාර් ප්‍රෙද්ශයේදි බෝම්බ ප්‍රහාරය ජනවාරි මස 10 දින එල්ල වු අතර ප්‍රහාරයෙන් කන්දහාර් ආණ්ඩුකාරවරයාද තුවාල ලබා ඇත. 

ප්‍රහාරය සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානයට චෝදනා එල්ල කලත් එම සංවිධානය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS