ඇෆ්ගන් සාමයට සහාය දෙනවා



ඇෆ්ගන් රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්වී, ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සාමකතා පවත්වන්නේ නම්, හැකි උපරිමයෙන් ඊට සහාය දක්වන බව ඉරානය කියයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී, ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

සාමකතා සඳහා තමන් සහාය පළ කරන බව ඉරාන රජය වෙනුවෙන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති ගෝමාල් අලී කොෂෝරු ය.

ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව තහවුරු කරමින්, එරට සාමය ස්ථාපිත කිරීමෙහිලා ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී පෙරමුණ ගෙන සිටී.

ඇෆ්ගන් ජනපතිවරයා තලේබාන් සංවිධානයට දන්වා ඇත්තේ සාමයට එක්වන ලෙසය. ඒ වෙනුවෙන් කොන්දේසි කිසිවක් දමන්නේ නැති බව ද ඝානී වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS