ඇෆ්ගන් සංක්‍රමණිකයන් ආපසු යවයි



නීතිවිරෝධී ආකාරයට තම රටේ රැඳී සිටි ඇෆ්ගන් සංක්‍රමණිකයන් 600 දෙනකු රටින් පිටුවහල් කිරීමට තුර්කිය පියවර ගෙන ඇත.

මෙම පිරිස තුර්කියට පැමිණ ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් යැයි ද පැවැසෙයි. මොවුන් තුර්කියට පැමිණ ඇත්තේ ඉරාන දේශසීමාව හරහාය.

එම අවස්ථාවේදී තුර්කි ආරක්ෂක අංශ මොවුන් අත්අඩංගුවට ගෙන සරණාගත කඳවුරුවලට යැවුණු බව ද වාර්තා වේ. තුර්කි රජය මැදිහත් වී, විශේෂ ගුවන් යානයකින් මෙම සරණාගතයන් පිරිස යළි කාබුල් බලා පිටත් කර හැරීමට කටයුතු කරන බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS